ඒකාබද්ධ විපක්ෂයේ පාගමන එක්සත් ජාතික පක්ෂයට කිසිදු අයුරකින් බලපෑමක් නොවු බවත්, ඔවුන් රඟදැක්වු ජවනිකාව හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ තරම රටම දැනගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. අද (02දා) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පැවැත්වු පාගමනින් ඒකාබද්ධ විපක්ෂයේ තරම රටම දැනගත් බවත්, මෙම ක්‍රියාව තුළින් ඔවුන් තවදුරටත් පහළට ඇදවැටුණු බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය කියන මේ කුඩා කල්ලියේ තරම රටම දැක්කා. ලක්ෂ ගාණක් සෙනඟ කොළඹට ගේනවා කියලා පම්පෝරි ගැහුවා. විලි ලාලා විලි ලාලා අන්තිමට මී පැටියෙක් වැදුවා වගේ තමයි අපිනම් ඒ ක්‍රියාව දැක්කේ. ඔවුන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා පිට්ටනියක් ලබාදෙන්න කියලා. අගමැතිතුමා ජනාධිපතිතුමා සමඟ ඒ ගැන සාකච්ඡා කරලා කැම්බල් පිටිය ඒ සඳහා ලබාදුන්නා. කොහොම නමුත් ලක්ෂ ගාණක් ගේනවා කියපු උදවිය කැම්බල් පිට්ටනිය පුරවාගන්න බැරිව අන්තිමට දෙතුන් දාහකින් පුරවන්න පුළුවන් ලිප්ටන් වටරවුමට සීමාවෙන හැටි රටම දැක්කා. ලක්ෂ ගාණක් පාරට බස්සනවා කියලා අන්තිමට කැම්බල් පිට්ටනිය පුරවාගන්න බැරි වුණ කුඩා කල්ලියක් තමයි මේ මහා පම්පෝරි ගහලා අන්තිමට මේ තත්ත්වයට ඇඳවැටුණේ. ඒනිසා එක්සත් ජාතික පක්ෂයට මේ කුඩා කල්ලියක් කරපු ජවනිකාව කිසි ලෙසකින්වත් දැනුණෙ නැහැ* යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.