නිරිතදිග පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ රෝහලක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය ඉදිරිපිටදී මෙම බෝම්බ පිපිරීම සිදුව තිබුණේ, වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් එරට ප්රමුඛ පෙළේ නීතීඥයෙකුගේ සිරුර එම ස්ථානයට රැගෙන විත් තිබූ අවස්ථාවේදීය.
ඒ අනුව, එම අවස්ථාවේ හදිසි ප්‍රතිකාර අංශය ඉදිරිපිට සිටි ජනමාධ්‍යවේදීන් මෙන්ම නීතීඥයන් පිරිසක්ද බෝම්බ ප්‍රහාරයට ගොදුරුව තිබුණි.
මෙම බෝම්බ ප්‍රහාරය සමග වෙඩි ප්‍රහාරයක්ද වාර්තා වී තිබුණත්, ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.