ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන පාගමනට පැවිදි හඬ සංවිධානය මගින් මහා සංඝරන්නය 2000කට අධික පිරිසක් සහභාගී කරවන බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.
මහා සංඝරත්නය පෙරටු කරගෙන මහනුවර සිට කොළඹට මෙම පාගමන පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් මීට අමතරව මාවනැල්ල, කෑගල්ල හා ගම්පහ ප්‍ර‘දේශවලිනුත් මහා සංඝරත්නය පා ගමනට එක්වන බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.