නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන බවත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණික තත්ත්වයක් පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර, යාපනය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර රාත්‍රී කාලයේ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං ඊසාන දෙසින් හමන අතර, සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
කොළඹ සිට මන්නාරම හරහා යාපනය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.