ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි සත්වෝද්‍යානය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතය. හම්බන්තොට රිදියගමදී මෙම සෆාරි උද්‍යානය ඉදිවෙයි. මීට සමගාමීව පින්නවල ඉදිවන නව සත්ව උද්‍යානයද විවෘත කිරීමට නියමිත බව උද්භිද උද්‍යාන හා පොදු හා විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ මහතා පැවසීය.
මෙම සත්වෝද්‍යාන සඳහා සතුන් සූදානම් කිරීම මේ වන විටත් නිම කර ඇති බවත්, ඒ සඳහා දෙහිවල සත්වොද්‍යානයේ සතුන් යොදා ගන්නා බවත් විලී ගමගේ මහතා පැවසීය. හම්බන්තොට සෆාරි උද්‍යානයේ මේ වන විට මාර්ග පද්ධතිය සකස් කරමින් තිබේ.