ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් එල්ල වීම ජනතාගේ සෞඛ්‍ය කෙරෙහි ගෝලීය වශයෙන් එල්ල වන බලවත් තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.
රටවල් 114ක දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මේ වනවිට ලෝකයේ බොහෝ කලාපවල මේ ප්‍රතිරෝධය පවතින බව එහි වැඩිදුරටත් පැවසෙයි.
එහි 'පසු-ප්‍රතිජීවක යුගයක්' ගැන විස්තර කරන අතර, එහිදී ඉතා සුළු ආසාදනයකින් පවා මිනිසුන් මරණයට පත්විය හැකි බවද පෙන්වා දී තිබේ.
එම වාර්තාව අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඇතිවිය හැකි බලපෑම අතිශය දරුණු විය හැකි බවයි.
නියුමෝනියාව, පාචනය ආදී වශයෙන් වූ සාමානයෙන් බහුල හා බරපතල රෝගාබාධයන් කෙරෙහි වගකිව යුතු විවිධ වර්ගවල බැක්ටීරියා හතක් සම්බන්ධයෙන් මෙම වාර්තාව අවධානය යොමු කොට තිබේ.
ඒ අනුව, ප්‍රධාන ප්‍රතිජීවක ඖෂධ වර්ග ද්විත්වයක්, ඇතැම් රටවල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් වෙත තවදුටරත් සුවයක් අත්කර නොදෙන බව එම වාර්තාව අවධාරණය කරයි.
ඒ අනුව, නව ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමේ අවශ්‍යතාවක් පවතින්නේ යැයි පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ඒ වෙනුවෙන් ලෝකයේ රාජ්‍යයන්ට හා බලධාරීන්ට වගකීමක් පැවරෙන බවයි.