ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසකට අද (19දා) සවස එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල් මහතා තුවාල ලබා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
නිට්ටඹුව නගර මධ්‍යයේ දී මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එම පක්ෂ යේ තවත් සාමාජිකයන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර, ප්‍රාදේශීය දේශපාලඥයෙකු ඇතුළු පිරිසක් පැමිණ ප්‍රහාරය එල්ල කළ බව එහි සඳහන්ව ඇත.
තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා රෝහල්වලට ගොස් තිබේ.