කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල කලල්පිටියේදී අද (17) සවස පෞද්ගලික බස්රියක් හා ලංගම බස්රියක් මුහුණුට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් හැත්තෑවක් පමණ තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි.
කොළඹ සිට මාදුරුඔය බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බසයක් හා බිබිල සිට කොළඹ බලා එමින් තිබූ ලංගම බස් රථයක් මෙසේ අනතුරට පත්වීමෙන් පැය දෙකකටත් වැඩි කාලයක් තිස්සේ එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා පැමිණියේය.
තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවෙන තවත් තුවාලකරුවන් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබූ බව රෝහල් ප්රකාශකයෙක් කීය. බස්රථ දෙකේ රියදුරෝද තුවාල ලැබූවන් අතර වෙති.
මීරිගම කාන්ති