පශු වෛද්‍යවරුන් විසින් හෙට (09දා) උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කරන නිසා කොළඹ නගරයේ මස් වෙළෙඳ සැල්වලට රැගෙන එන මස් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොළඹ නගරයේ මස් වෙළෙඳ සැල්වල අලෙවිය සඳහා විවිධ ප්‍ර‘දේශවලින් රැගෙන එන මස් සෑම දිනකම උදේ කාලයේදී පරීක්ෂා කිරීමකට ලක්කරන බවත්, එලෙස පරීක්ෂා කිරීම සිදු නොකර මස් අලෙවි කළ නොහැකි බවද එම සංගමයේ සභාපති කීර්ති කුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව හෙට (09දා) සහ 10, 11 යන දෙදින තුළට මස් පරීක්ෂා කිරීම සිදු නොකරන බවත්, මේ නිසා කොළඹ නගරය තුළදී දින තුනක කාලයක් මස් අලෙවි කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
පශු වෛද්‍යවරුන් මස් පරීක්ෂා නොකරන නිසා වෙළෙඳාම් කිරීම සඳහා මස් රැගෙන ඒමෙන් වළකින ලෙසට ව්‍යාපාරිකයින් දැනුම්වත් කර තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.