ආනයනික පරිප්පු සඳහා දැනට අය කෙරෙන විශේෂ වෙළෙඳ බද්ද හෙට (06දා) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආනයනික පරිප්පු කිලෝ ග්‍රෑමයකට රු.22/- ක්ව පැවති විශේෂ වෙළෙඳ බද්ද රු.5/- ක් දක්වා, එනම් රු.17/- කින් අඩුකර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.