බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී පරාජය ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් පිරිසකට රජයේ අමාත්‍යාංශවල, සංස්ථා සමාගම් හා අමාත්‍යාංශවල සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂක හා උපදේශක ලබාදීමේ සැලසුමක් ඇතැයි වාර්තා වෙයි.
දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කළ මෙම පරාජිත අපේක්ෂකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත මෙම තනතුර ලබාදීමට නියමිතය.
ඔවුන් පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අය බැවින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමට පක්ෂ නායකත්වය ක්‍රියාකර තිබේ.
මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ හිටපු මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික දේපළද කැප කරමින් දේශපාලනය කළ බවයි. එබැවින් තමන් පිළිබඳව සලකා බලන්නැයි ඔවුහු ඉල්ලීම් කරතිබේ.
දැනට දැනගන්නට ලැබෙන ආකාරයට මේ වනවිටත් රජයේ ප්‍රධාන ආයතන කීපයකටම සභාපති හා උපදේශක තනතුරු කීපයක් සඳහා පුද්ගලයන්ගේ නම් කීපයක් සඳහා ජනාධිපතිවරයාගේද අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේදී මෙම නව තනතුරු පත්කිරීමට නියමිත බවත් වාර්තාවේ.