අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ නිල කාලය ඊයේ (15)දිනයෙන් අවසන් වූ අතර එය නැවත දීර්ඝ කිරීමට ජනපති අනුමැතිය හිමිවී නැත.
කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට අනුමැතිය හිමි නොවූ බව එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.
ඒඅනුව කොමිසම විසින් සිදුකළ විමර්ශනවල තොරතුරු ඇතුළත් වාර්තාව ය ඉදිරියේදී රජයට භාරදීමට නියමිතය.