Update රුපියල් 10,000/- ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (04දා) සවස අත්අඩංගුවට ගන්නා ලද පයාගල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක ටී.සී.පී.ජේ. කුලසිංහ පොලිස් ස්ථානාධිපති තනතුරින් ඉවත්කර පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයට මාරු කර ඇත.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා විසින් රිය අනතුරකට භාජනය වූ ත්රීරෝද රථයක් මුදාහැරීම සඳහා මෙම අල්ලස ලබා ගෙන තිබුණි. ඉහත සිද්ධියට අනුව පයාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ පරිපාලනය හා අධීක්ෂණය සම්බන්ධයෙන් සෑහීමට පත්වි නොහැකි හෙයින් පොලිස්පති විසින් වහාම ක්රියාත්මක වන පරිදි පයාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකට මෙම මාරුවීම ලබා දී ඇති අතර, එය අද සිට ක්රියාත්මක වේ.