කාර්මික දෝෂයකට ලක්ව යථා තත්ත්වයට පත් කර දින 07 ක කාලයකට පසු නොරොච්චෝලේ තාප බලාගාරය ඊයේ (05) නැවත වතාවක් අක්රීය වී තිබේ.
බොයිලේරුවට සම්බන්ධ වාෂ්ප පද්ධතියේ ඇතිවූ කාන්දුවක් නිසා මෙම අක්රීයවීම සිදුවී තිබෙන බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට ආසන්න වශයෙන් සතියක පමණ කාලයක් ගතවිය හැකි බවද සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මස 12 වැනිදා සිදුවූ කාර්මික දෝෂයක් නිසා එය දින 14 ආසන්න කාලයක් වසා දමා තිබූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියානු සමාගමක සහයෝගයද ඉල්ලා තිබුණි.
එහෙත් දේශීය ඉංජිනේරුවන් සහ චීන ඉංජිනේරුවන් එක්ව දෙසැම්බර් 30 වැනිදා බලගාරය යථා තත්ත්වයපත් කළ අතර එය යළිත් වතාවත් ඊයේ (05) සවස සිට අක්රීය වී තිබේ.
මේ වනවිට දිගින් දිගමට බලාගාරයට අක්රීය වීමට හේතුවක් ලෙස සේවකයන් පෙන්වා දෙන්නේ, විදුලි ඉංජිනේරුවරැන් සහ යාන්ත්රික ඉංජිනේරුවන් අතර පවතින විසරකයද ඉතා දැඩි සේ බලපා තිබෙන බවයි.
බලාගාරය පාලනය යාන්ත්රික ඉංජිනේරුවරුන් සතු කළයුතු වුවත් මීට මාස 06 ක පමණ පෙර සිට බලාගාරය පාලනය කරනු ලබන්නේ විදුලි ඉංජිනේරුවරුන් බවද සේවකයෝ පවසති.
බලාගාරය මෙසේ අක්රීය වීමෙන් ඉන් නිපැදවෙන විදුලිය වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් අධික මිලකට විදුලිය ලබා ගැනීමට සිදුව ඇතැයිද එය ලං.වි.ම.යට විශාල පාඩුවක් බවද සේවකයෝ පෙන්වා දෙති.