නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ බිඳවැටීම් පිළිබඳව අද (31දා) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
බලාගාරය ඉදිකළ CMEC චීන සමාගමේ සභාපතිවරයා හා උපසභාපතිවරයා සමග සිය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද අමාත්‍යවරිය කීය. නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම් හා එය යථාතත්ත්වයට පත්කිරීම් පිළිබඳවත්, ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.