රුපියල් කෝටි 5000කට අධික මුදල් ප්‍රමාණයක් වියදම් කර, එහෙත් විවෘත කර පළමු වසර තුළදී පමණක් 29 වතාවක් අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරය ගොඩගැනීමට තවත් රුපියල් කෝටි 2000 ක් වියදම් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
රට සංවර්ධනය කිරීමේදී එහි සුවදායීභාවය රටේ ජනතාවට දැනිය යුතු වුවත්, වර්තමාන ආණ්ඩුව සිදුකරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම අද වනවිට සිදුවී තිබෙන්නේ ජනතාවගේ සාක්කු හිස්වීම පමණක් බවත් එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
තත්ත්වයෙන් බාල යන්ත්රසූත්ර භාවිත කිරීම නිසා අපේක්ෂා කළ පරිදි නොරොච්චෝලේ බලාගාරය තුළින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීමට නොහැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා දැනට අක්‍රියව පවතින නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමට තවත් රුපියල් කෝටි 2000 ක මුදලක් වියදම් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.