සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සඳහන්ට කරමින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද (27දා) පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට අවසර ලබාදිය නොහැකි බව ඊයේ දිනයේදී බලධාරීන් දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත් පෙර සැලසුම් කළ පරිදි පස්වරු 1.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පාගමන ආරම්භ කර පස්වරු 3.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිිමහන් රංග පීඨයේදී විරෝධතා රැලිය පවත්වන බවද වීරසේකර මහතා පවසා සිටියේයග
ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මහජන උපයෝගීතා අංශයට 2016.07.25 වන දින රුපියල් 46350.00 මුදලක් ගෙවා මෙම රංගපීඨය වෙන් කර ගත් බවත් එම මුදල් ගෙවීමට පෙර 2016.07.18 වන දින 07/28 රැලිය සඳහා වෙන් කිරීමට කටයුතු කර තිබුණු බවත් ඔහු කීය.
සතියකටත් පෙර මුදල් ගෙවා එම වෙන් කිරීම ස්ථිරකර තිබියදී රැලිය පැවැත්වීමට දිනකට පෙර එම ස්ථානය ලබාදීමට නොහැකි බව පැවසීම පුදුම සහගත බවද ඒමහතා ප්රැකාශ කළේය.