සුළුතර පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකරන නීති විරෝධී කටයුතු නිසා සමස්ත පොලිස් සේවාවම දැඩි අපකීර්තියට ලක්ව තිබෙන බවත්, මේ නිසා සුළු හෝ නීති විරෝධී කටයුත්තක නිරතවන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි.
මීට අමතරව අකුරට රාජකාරි කටයුතු සිදුකරන නිලධාරීන් දිරිගැන්වීමක් වශයෙන් මින් ඉදිරියට උසස්වීම් ලබාදීමේදී දක්ෂතාව මූලික කරගන්නා බවද පොලිස්පතිවරයා පවසා සිටියේය.
පොලිස් නිලධාරියාගේ ප්‍රධාන රාජකාරිය ජනතාවට සේවය කිරීම බවත්, මේ නිසා ඒ වෙනුවෙන් උසස්වීම් ලබාදීමට අමතරව කැපවීමෙන් සේවය කරන නිලධාරීන් සඳහා ත්‍යාග මුදල් සහ ප්‍රශංසා පිරිනැමීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන බවත් හෙතෙම පවසා සිටියේය. උසස්වීමක් ලබාගැනීමේදී ත්‍යාග මුදල් සහ ප්‍රසංශා ලබාගැනීමද ඉදිරියේදී විශේෂ සුදුසුකමක් සේ සලකන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය