කිසිම පුද්ගලයකුට නීතිය අතට ගැනීමට නොහැකි බවත් යාපනය සිදුවීමට අදාලව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වු සිදුවීමෙන් තුවාල ලැබු සිසුවාගේ සුවදුක් විමසීමට අමාත්‍යවරයා අද(18දා) ජාතික රෝහලට පැමිණි අතර එහිදී මේබව කීය.
යාපනය විශ්ව විද්‍යාලයේ ශීෂ්‍යයන් අතර ඇතිවුන ආරවුලට පිටින් කණ්ඩායමක් සම්බන්ධවෙලා තියෙනවා. අවුරුදු ගණනාවක්ම නවක සිසුන් පිළිගත් ආකාරයටමයි මෙවරත් පිළිගෙන තිබෙන්නේ. නමුත් මෙහිදී ඇතිවුණ සුලු ආරවුල අනවශ්‍ය විදිහට විකෘති කරලා ප්‍රශ්න ඇති කරලා. විශ්වවිද්‍යාලය අපි ඉතාම ඉක්මණින් අරම්භ කිරීමටයි අපි අපේක්ෂාකරන්නේ.
කිසිකෙනෙතුට නීතිය අතට ගන්න බැහැ. රජය නීතිය ක්‍රියාත්මක කරනවා. සීසිටිවී බලලා අවශ්‍ය පුද්ගලයන් හදුනාගන්න කියලා මම පොලිසියටත් දැනුම්දුන්නා. මේවා දුරදිග යන්නේ නැතිව ගොඩින් බේරාගත්තොත් හොදයි. යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසී්‍ය