බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී මැතිවරණය ආශ්රිත නීති කඩ කිරීමේ සිද්ධි 791ක් වාර්තා වී තිබෙන බව කැෆේ සංවිධානය පවසයි. එය මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 754කින් හා ප්රචණ්ඩ ක්රියා 37 කින් සමන්විතවන බව එම සංවිධානය පවසයි.
බස්නාහිර පළාතෙන් සිදුවීම් 467 ක් , දකුණු පළාතෙන් සිදුවීම් 307 ක් හා පළාත් දෙකටම පොදු සිදුවීම් 17ක් වාර්තා වී ඇති බව ඔවුහු පවසති.