පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසක් පුරා පැවැති “නිල මෙහෙවර” ජාතික ජංගම සේවා වැඩසටහන මගින් පැවැත්වූ ප්‍රාදේශීය ජංගම සේවා 7 සඳහා සහභාගී ප්‍රතිලාභීන් 42,734ක් අතරින් 36,168 කගේ ගැටලු විසඳාලීමට හැකිවූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම අමාත්‍යාංශයේ අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය. එහිදි මැදිරිගිරියේදී සහභාගී වූ 8,108 කින් 5,405 ක ගැටලු විසඳූ බවද, හිඟුරක්ගොඩදී සහභාගී වූ 7,180 කින් 6,929 ක ගැටලු විසඳූ බවද, ඇළහැරදී සහභාගී වූ 4,888 කින් 3,994 ක ගැටලු විසඳූ බවද, වැලිකන්දේ සහභාගී වූ 6,625 කින් 6,209 ක ගැටලු විසඳූ බවද, දිඹුලාගල සහභාගී වූ 5,017 කින් 3,974 ක ගැටලු විසඳූ බවද, තමන්කඩුව සහභාගී වූ 6,682 කින් 6,424 ක ගැටලු විසඳූ බවද, ලංකාපුර සහභාගී වූ 4,234 කින් ගැටලු 3,233 ක ගැටලු විසඳූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ආගමනවිගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ගණනාවක් සහ රජයේ අමාත්‍යාංශ 53 ක නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය මේ සඳහා හිමිවු බවද හෙතෙම පවසා සිටියේය.
“නිල මෙහෙවර“ ජාතික ජංගම සේවා වැඩසටහනෙහි සමාප්ති උත්සවය මේ මස 30 වන සෙනසුරාදා පෙ.ව. 7.00 සිට රාත්‍රී 10.00 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන බවද ඇමතිවරයා පවසා සිටියේය.