පාසල් දරු දැරියන්ට නොමිලේ ලබාදෙන නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් පතක් ලබාදීමට නව ආණ්ඩුව ගෙන තිබෙන වැඩපිළිවෙළට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
මේ අනුව මුදල් වවුචර්පතක් ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය ලේකම් ඩබ්.එම්.බන්දුසේන මහතාට උපදෙස් ලබාදී ඇත.