ගිරාඳුරුකෝට්ට විරාණගම වන රක්ෂිතය තුළ පිහිටි දිගන්ගල නම්වු පර්වතයේ පුරාවස්තු විනාශ කර තිබියදි බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය විසින් සොයාගෙන ඇත.
මෙම ස්ථානයේ නිදන් හාරන බවට එම ඒකකයට ලැබුණ තොරතුරක් මත වැටලිමක් සිදුකර තිබේ. මෙම ස්ථානයේ අනුරපුර යුගයට අයත් ඉපැරණි සංඝාවාසයක් සහ පංචාවාස ගොඩනැගිලක් තිබු බව ට සාක්කි ඇතැයි ඌව බින්තැන්න දෙපලාතේ ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් ඇති නමුත් සැකකරුවන් 5 ක් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.