ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව නිදහස ලැබූ ශ්‍රී ලංකා ධීවරයන් 25 දෙනා තවදුරටත් මෙරටට පැමිණීම ප්‍රමාදවන බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.
ඒ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිමට අදාළව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගතයුතු ක්‍රියාමාර්ග තවමත් අවසන් වී නොමැති හෙයිනි.
කෙසේ නමුත් පසුගියදා නිදහස් කළ ඉන්දීය ධීවරයන් 116 දෙනා අද (19දා) ඉන්දියාවට ළඟාවූහ.