පුනරුත්ථාපන හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී.ල.නි.ප හොරොව්පොතාන ආසන සංවිධායක සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා ගමන්ගත් මෝටර් රථය මිහින්තලය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී අද (29දා) අනතුරකට ලක්විය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මිහින්තලය පොලීසිය සඳහන් කළේ අනතුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවත්, අනතුරින් සිදු වූ කම්පනය හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත්ය.