ඓතිහාසික දළදා පෙරහරෙහි දළදා කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාජා හස්තියා සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කටයුතු කර තිබේ.
ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ ගමන් රථයක් සහ හමුදා ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කොට ඇති අතර, නැදුන්ගමුවේ හස්තියා මේ වනවිටත් පාගමනින් නුවර බලා පිටත් වී ඇත.
ජයවික්‍රමපෙරේරා අමාත්‍යවරයා විසින් මේපිළිබඳව පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට පෞද්ගලිකවම දැනුම් දී ඇති අතර, හස්තිරාජයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස නඩත්තු කිරීම සඳහා වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක්ද නුවරට යවන ලෙසට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.