අනුරාධපුර, යාපනය හංදියට නුදුරු හතරැස්වල දුම්රිය හරස් මාර්ගයේදී , වව්නියාව සිට මාතර දක්වා ගමන් කරන රජරට මැණිකේ දුම්රියේ, නාවුක හමුදා කැබ් රථයක් ගැටීම හේතුවෙන් එම කැබ් රථයේ ගමන් කළ එක් නාවුක හමුදා සෙබෙලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අද අළුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන විට කාන්තාවක්ද ඇතුළුව කැබ් රථයේ 10 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ තවත් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පූනෑව නාවුක හමුදා කඳවුරේ ප්රධානී ගමන් කර ඇති මෙම කැබ් රථයේ ඔහුගේ දරු දෙදෙනා හා බිරිදද සිට ඇත. බිරිඳ හා දරු දෙදෙනාඳ තුවාල කරුවන් අතර සිටියි.