නාරාහෙන්පිට තොග වෙළඳ ගබඩා වෙළඳ සංකීර්ණයේ තිබී සොයාගත් සැහැල්ලු ගුවන් යානය හෙට (12දා) ගුවන් හමුදා භාරයට ගැනීමට නියමිතය.
මෙම ගුවන් යානය පිළිබඳ සිදුවීම පසුගිය කාලසීමාවේදී ආන්දෝලනයකට ලක්විය.
එය ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් නිශ්පාදනය කර තිබෙන අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කෙරේ.
එම ගුවන් යානය නවීකරණය කිරීමෙන් පසුව ගුවන් හමුදා කෞතුකාගාරයේ තැබීමට නියමිතය.