ත්‍රස්තවාදී ක්‍රියා කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. පක්ෂයේ නායකයා විවේචනය කිරීම සහ අගෞරව කිරීම බරපතළ වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්තර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු පාර්ශව එක් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අද මධ්යහමුවේ අදහස් දක්වමින් කීය.