බන්ධනාගාර ගතකර ඇති සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් සොයා බැලීමට ඔහුගේ මව වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් අද (12දා) වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියේය.
රොහිත අබේගුණවර්ධන, පවිත්රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, සිසිර ජයකොඩි, රංජිත් ද සොයිසා, ජොන්ස්ටන් ප්රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ, දිලුම් අමුණුගම යන අයද ඒ අතර වෙති.