රුපියල් මිලියන 07ක් වැනි මුදලක් වංචා කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දින හතක් වැනි කෙටි කාලයකින් නිදහස් වුයේ කෙසේද යන වග ප්‍රශ්නයක් බව ජනතා බුද්ධි මණ්ඩපයේ සාමාජික අසාද් සාලි මහතා පැවසීය.
එමෙන්ම ඇතැම් සැකකරුවෝ රිමාන්ඩ් කළ විගස රෝහල්ගත කරන්නේ නම් උසාවි නියෝගය සිරගත කිරීමට නොව රෝහල්ගත කිරීම ලෙස ලබාදුන්නා නම් එය පහසුවේවි යැයිද ඔහු පැවසුවේ අද (28දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
නීතිය සැමට සමාන විය යුතු බවත්, ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල අතර තිබෙන ගනුදෙනුව කුමක්දැයි හෙළි කළයුතු බවත් හෙතෙම මෙහිදී පැවසීය.