නාගරික ජනතාවට තම ගෙවත්තේම භාවිතය සඳහා පොල් ඵලදාව ලබාගැනීමට හැකිවන ලෙස CRIC 65 නම් විශේෂිත දෙමුහුන් පොල්පැළ විශේෂයක් ලබාදීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදමින් සිටියි.
එම පොල් පැළ නිසියාකාරව නඩත්තු කිරීම මගින් වසර 3 ½ක් අවසානයේ පොල් මිලදී ගැනීම සඳහා වැය වු මුදල ඉතිරි කරගැනීමට හැකිවන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම වසර අවසාන වීමට පෙර මෙම පොල්පැළ බෙදාදීමේ වැඩසටහන මගින් සමස්ත කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය කරනු ඇත.