2015 වසරට අදාළ නවෝත්පාදන දර්ශකයේදි දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ රටවල් අතර තෙවනැ තැන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ලෝක බුද්ධීමය දේපළ සංවිධානය හා කෝනෙල් විශ්වවිද්‍යාලය එක්ව මෙම දර්ශකය ගණනය කර තිබෙන අතර එහිදී දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය කසකස්තානයට හිමව තිබෙනවා.
එම දර්ශකයේදි ලෝකයෙන්ම ප්‍රථම ස්ථානය හිමිව තිබෙන්නේ ස්විට්සර්ලන්තයටයි.දෙවැනි ස්ථානයට එංගලන්තයටත්, තෙවැනි ස්ථානය ස්වීඩනයටත් හිමිව තිබෙනවා.
ලෝකයේ හත්වැනි ස්ථානයේ පසුවන සිංගප්පූරුව ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. ලෝකයේ රටවල් 141ක් යොදාගෙන මෙම ගණනය සිදුකර තිබෙනවා.