අද නවම් පොහෝ දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිය. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසවු තනතරු ලැබීම, ප්රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වීම, බුද්ධ ශාසනයේ අගසවු සැරියුත් මුගලන් දෙනම එකී සම්භාවනීය තනතුරුවලට පත්වීම, තථාගත බුදු පියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරී, බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදුකිරීම ආදී වැදගත් සිදුවීම් රැසක් නවම් පොහොය දිනයේදී සිදුවිය.
මේ නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පොහෝ දිනයේදී අදිටන් කරගත යුතුය. නවම් පොහෝ දිනයේදී ශාසනික සිදුවීම් සිදු වූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්රධානය. එයට හේතුව ප්රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි.