නව විගණකාධිපති ලෙස ගාමිණී විජේසිංහ මහතා අද(27) වැඩ භාරගත්තේය.
මීට පෙර ඔහු ශ්රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති සමීක්ෂණ මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය. එමෙන්ම මීට පෙර දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙස කටයුතු කළ හෙතෙම මහා පරිමාණ වැට් බදු වංචාව පිළිබඳ හෙළිකළ නිලධාරියෙකි.
මේ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මෙම ධූරයට පත් 39 වන නිලධාරියා ගාමිණී විජේසිංහ මහතා වෙයි.