කොළඹ වරායේ සිට ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණය දක්වා නව නල පද්ධතිය එළීමේ ව්‍යපෘතිය සඳහා ප්‍රදේශයේ ජනතාව ඉවත් කළ යුත්තේ ඔවුන්ට ස්ථිර නිවාස ඉදිකර දීමෙන් පසුව බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ස්ථිර නිවාස ඉදිකර දීමෙන් තොරව ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට උත්සහ කිරීම ගැටලු සහගත බවයි.
තෙල් නල මාර්ගය අවට වෙසෙන ජනතාවගේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වගකිය යුතු ආයතනවල නියෝජිතයන් සමග අද (13දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙසේ පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න, සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේ ටර්මිනල්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න සහ නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්යක්ෂ එස්.එන්. නිශ්ශංක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ