ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දින තුනක සිය ඓතිහාසික බ්‍රිතාන්‍ය සංචාරය ආරම්භ කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේ එය දෙරටටම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි.
සිය සංචාරයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කතාවක් පැවැත්වීමටද මෝදි කටයුතු කරනු ඇත.
එමෙන්ම, ඔහු දෙවැනි එළිසබෙත් රැජින හමුවීමටත්, මහත්මා ගාන්ධි පිළිරුවට ගෞරව දැක්වීම හා වෙම්බ්ලි ශාලාවේදී ජනතාව ඇමතීමටත් නියමිතය.
මෝදි අගමැතිවරයාගේ සංචාරය අපේ කාලයේ දැවැන්ත අභියෝග ජයගැනීම සඳහා එක්ව වැඩකිරීම වෙනුවෙන් ඓතිහාසිකව, ප්‍රජාවෙන් හා ගුණාත්මකව බැඳී සිටින දෙරටටම හොඳ අවස්ථාවක් බව ඩේවිඩ් කැමරන් අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.