නයිජීරියානු ජනාධිපතිවරණය අද (28දා) ආරම්භ වූ බව විදෙස් වාර්තා පවසයි.
නයිජීරියාවේ වත්මන් ජනාධිපති ගුඩ්ලක් ජොනතන් වෙත ප්‍රබල තරගයක් ලබාදෙමින් මුහම්මූද් බුහාරි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියි.
නයිජීරියාව නිදහස ලබාගැනීමෙන් පසුව ප්‍රතිවාදී අපේක්ෂකයන් අතර කරට කර තරගයක් පවතින මැතිවරණය ලෙස මෙවර මැතිවරණය සැලකිය හැකිය.
එමෙන්ම නයිජීරියාව තුළ බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ වටපිටාව තුළ, ඔවුන්ට එරෙහිව දැඩි හමුදා ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන වටපිටාවක මෙවර මැතිවරණය පැවැත්වෙයි.