ඉන්දු-ලංකා ධීවර ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා වූ සාකච්ඡාවකට අගෝස්තු මස මුල් සතියේදී ඉන්දියාවට පැමිණෙන ලෙසට ඉන්දියානු රජය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දියාවේ කෘෂිකර්ම හා ගොවි සුභසාධනය පිළිබඳ අමාත්‍ය ශ්‍රී රාධා මෝහන් සිං මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා පසුගිය 22 වැනි දින මෙම ඉල්ලීම කර ඇත.එහිදී ශ්‍රී ලංකාව තුළ රඳවාගෙන ඇති ඉන්දීය බෝට්ටු හා දැල් ආම්පන්න නිදහස්කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකර ඇති බවද සඳහන් වේ.
මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකර සිටියේ අගෝස්තු මස මුල් සතියේදී තමාට එහි යාමට නොහැකි වන බවයි.ඒ අනුව එම මස අගභාගයේදී පමණ ගමන පිළිබඳ සලකා බැලිය හැකි බව හෙතෙම පවසා සිටියේය.