දේශමාන්‍ය, දේශබන්දු ගෞරව නාම අයථා ලෙස ලබාදෙන බව පවසමින් මුදල් එකතු කරන ආයතන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
1986 සිට පාර්ලිමේන්තු ගැසට් පත්‍රයක් අනුව එම ගෞරව නාම පිරිනමන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, දේශමාන්‍ය හා දේශබන්දු නාම පිරිනැමීම සඳහා වෙනත් කිසිදු ආයතනයකට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළ බව ඔවුහු පවසති.
එසේම ලංකා පුත්‍ර, කලානිධි හා ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාම පිරිනැමීම සිදුකරන්නේ කුමන ආයතන විසින්ද යන්න පිළිබඳව නොදන්නා බව අමාත්‍යවරයා සඳහන් කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.