දෙහිවල සත්ත්වෝද්‍යානය පිළිබඳව ලෝකය පුරා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ව්‍යාපාරික කාන්තාවක් ඇතුළු පිරිසක් විසින් දෙහිවල සත්ත්වෝද්‍යානය වසාදමන තැනට වැඩ කටයුතු කරමින් සිටින බව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
සත්ත්වෝද්‍යානය වසා දැමීමත් සමග මිල කළ නොහැකි ඉඩමක් බවට සත්ත්වෝද්‍යානය පත්වන නිසා අදාළ ඉඩම ලබාගැනීමේ අරමුණෙන් වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකුද මෙම ජාවාරම්කරුවන්ට සහයෝගය දක්වමින් කුමන්ත්‍රණයක් කරන බවද එම සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ශාන්ත ජයවීර මහතා සඳහන් කළේය.
සත්ත්වෝද්‍යානය තුළ සිටින සතුන්ට කුරිරු වදහිංසා පමුණුවන බවට පෙන්වීම සඳහා වෙනත් ස්ථානවලින් ලබාගත් විවිධ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙන බවත්, මීට අමතරව හොර රහසේ සතුන් රට යවන බවට ප්‍රචාරයක් දියත් කරන බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා සත්ත්වෝද්‍යානය වසා දැමීමට කටයුතු කළ යුතු බවට මෙම ජාවාරම් පිරිස් ආණ්ඩුවට හා ලෝකයාට මතයක් ඇති කරමින් තිබෙන බවත් ශාන්ත ජයවීර මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාව පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත්, සත්ත්වෝද්‍යානය පිළිබඳ සත්‍ය වාර්තාවක් මේ මස 22 වැනිදා වනජීවී අමාත්‍යවරයාට බාරදෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව පැවැසෙන ඡායාරූප