ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම් කරුවෙක් ලෙස හඳුනාගෙන සිටි 'දෙවුන්දර තමිල්' නමැත්තා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (09දා) සමත් වූවේය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහු මෙසේ අත්අඩංගුවට පත්වී තිබේ.
දෙවුන්දර තමිල් නමැත්තා ශ්‍රී ලංකාවට මහා පරිමාන ලෙස මත්කුඩු ගෙන්වා බෙදා හැරීමේ නිරත වූ අයෙක් බවට පොලීසිය මීට පෙර හඳුනාගෙන තිබිණි. එහෙත් ප්‍රබල දේශපාලඥයින්ගේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙකුගේ ඇසුර නිරන්තරයෙන් ලැබීම නිසා මොහුට පොලිස් අත්අඩංගුවෙන් ගැලවීමට හැකියාව ලැබිණි.
දකුණේ විශාල ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි මෙම තැනැත්තා පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් ද සැකකරුවෙක් වූ බවත් මොහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මොහු සිංහල කොටියෙක් වූ 'අයිස් මංජු' නමැත්තා සමගද සමීප සම්බන්ධතා පැවැත් වූවෙක් බවට ද පොලීසියට තොරතුරු හෙළිවී තිබේ. දෙවුන්දර තමිල් නමැත්තා මේ වන විට රැඳවීමේ නියෝග මත කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටියි.