ශ්රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ඊයේ (26දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූල චාරිත්ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (ඒඑස්ඩබ්) සමන් පෙරේරා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
එමෙන්ම, පසුගිය මාර්තු 23 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්රාංගනි වාගිෂ්වර මහත්මියගේ ප්රධානත්වයෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේදී සිදු කෙරුණි.