අලුතින් ඉදිකරන ලද ගංගොඩවිල දෙල්කඳ පොළ හා උත්සව ශාලා සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (09 දා) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.
අද උදෑසන එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා සමරු ඵළකය නිරාවරණය කර පොළ සහ උත්සව ශාලා සංකීර්ණය ජනතා අයිතියට පැවරීය.
අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිවරයා එක්විය. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් පොළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවූහ.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය