රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් තරගය අතරතුර කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපළවලට අලාභ හානි සිදුකළ සිද්ධියට අදාළව තවත් සකකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගත් මහින්ද විද්‍යාලයේ ආදිසිසුන් දෙදෙනෙකු එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා අද (25දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා එදින සිදුවීමට අදාළ සියලු දර්ශන ලබාදෙන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතනවලටද නියෝග කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
ගැටුමෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රුපියල් 780,000 ක අලාභයක් සිදු වී තිබේ.