වර්තමාන රජයේ නිලධාරීන් පාරදෘෂ්‍ය නොවන ගනුදෙනු 02ක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදිය යුතු බවත් දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.
අදාළ පාරදෘශ්‍ය නොවන ගනුදෙනු පිළිබඳව වගකිව යතු දූෂකයන් වහාම ඔවුන්ගේ තනතුරුවලින් හා වගකීම් වලින් ඉවත් කළ යුතු බවත් ඔවහු ප්‍රකාශ කරති.
ඔවුන් සඳහන් කරන ගනුදෙනු
1. මැදපෙරදිග ඩුබායි බැංකුවකින් ලබාගන්නා ලද විදේශීය ණය උදෙසා ඇති කරගත් පාරදෘෂ්‍ය නොවන ගනුදෙනුව.
2. මහ බැංකුව විසින් රුපියල් බිලියන 01ක් මහා භාණ්ඩාගාර බිල්පත් 9.5% පොලියක් සඳහා නිකුත් කිරීම අළලා සිදුවී ඇති පාරදෘෂ්‍ය නොවන ගනුදෙනුව.
මේ සඳහා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ බවත්, ඒ හේතුවෙන් පහත ප්‍රශ්න සඳහා ඔහු හෝ මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට බලය ඇති අගමැතිවරයා පිළිතුරු දිය යුතු බවත් එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔවුන් යොමුකරන ප්‍රශ්න
1. 2015 ජනවාරි 08 දාට පසුව නිකුත් කොට තිබූ භාණ්ඩාගාර බිල්පත් හරහා මුදල් ලබා ගැනීමකට යොමු නොවී හදිසි වෙළෙඳ ණයක් මැදපෙරදිග මූල්‍ය ආයතනයක් හරහා ලබාගෙන ඇත්තේද?
2. එකී ගනුදෙනුවේ අතරමැදියන් වන්නේ කවුද?
3. රුපියල් බිලියනයක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නා අවස්ථාවේදී බිල්පත් රුපියල් බිලියන 10 දක්වා වැඩිකරන බව දැන සිටියේද?
4. එසේ දැන සිටි පුද්ගලයන් සිටියේද? එසේ නම් ඔවුන් කවුද?
5. අර්ජුන් ඇලෝසියස් යන පුද්ගලයා මහ බැංකුවේ අධිපතිවරයාට ඇති ඥාතිත්වය කුමක්ද?
6. අර්ජුන් ඇලෝසියස් නැමැත්තා වක්‍රව හෝ ඍජුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමත්, තැරැව්කරුවකු ලෙස සේවය කරමින් සිටියේද?
7. එසේ කරන ලද ගනුදෙනු අතරින් ඔහු අයුතු ලාභයක් ලබාගෙන ඇත්ද?