තමාගේ තද දුඹුරු හම හේතුවෙන් තමාව රැකියාවකට එක්කර ගැනීමට ඔස්ට්‍රේලියානු දැන්වීම් ආයතයක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන තිබෙයි.
වසර 27ක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියාවේ පදිංචි සුරුන්ජ එමිලි හොහෝල් නම් තරුණියක් මෙම සිදුවීමට මුහුණ පා ඇත. දැන්වීම් ආයතනයේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමෙන් පසුව දුඹුරු පැහැය නිසා හා ඉන්දියානු ජාතිකයෙක් වීම නිසා තමාට මෙම රැකියාව පිරිනැමිය නොහැකි බවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ.
මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන එමිලි පවසන්නේ තමා ඉන්දීය ජාතිකයෙකු නොව ශ්‍රි ලංකා ජාතිකයෙකු බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැන්වීම් ආයතනය එමිලිගෙන් සමා ඉල්ලා තිබේ.