2020 වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි අපනයන බෝග පැල දස කෝටියක් සිටුවීමේ වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන මෙම වගා සංග්‍රාමය අදියර කිහිපයකින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ටොම්, ඒ.ජේ.සි. අඹ පැල ලක්ෂ 50ක්, කටු අනෝදා පැල ලක්ෂ 50ක්, හම්බන්තොට වෙරළ තීරයේ සිට යාපා පටුන දක්වා වියළි කලාප ආශ්‍රිතව සිටුවීමට පියවර ගෙන ඇති අතර වෙනත් වෙනත් බෝග පැල ලක්ෂ 90ක් සෑම දිස්ත්‍රික්කයකම ආවරණය වන පරිදි සිටුවීමට කටයුතු යොදා ඇත.