ගත වූ දින දෙකේදී පමණක් පරිශ්‍ර 63,595ක් පරීක්ෂාවට ලක් කර මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 1135කට නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. එහිදී මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1580ක් හඳුනාගෙන තිබේ. දිවයිනේ දිස්ති‍්‍රක්ක අටක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැටකින් ඩෙංගු රොගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් කොලොන්නාව, කඩුවෙල, දෙහිවල ගල්කිස්ස මහන නගර සභා සීමාවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය. ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ 3 වැනි දිනය අදයි.