බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ආරම්භ කර තිබෙන පොලිස් මෙහෙයුම්වලදී දින 12 ක කාලයක් තුළදී රියදුරන් 2957 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
දෙසැම්බර් 24 වැනිදා සවස 6.00 සිට ජනවාරි අද (5) වැනිදා උදේ 06.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන රියදුරන්ගෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්වී තිබෙන්නේ බීමත්ව යතුරු පැදි ධාවනට කිරීමේ වරද මතයි.
එම පිරිස 1487 ක් වන අතර, ත්‍රිරෝද රථ රියදුරන් 1110 දෙනෙකුද මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මීට අමතරව මගී බස්රථ රියදුරන් 15 දෙනෙකුත්, වෙනත් වාහන රියදුරන් 345 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.